අයින්ස්ටයිං කියන්නෙ මාර පොරක්. මොකද කාළය ගැන හරියටම
කිව්වෙ මිනිහා. මොකක්ද., කාළය සාපේක්‍ෂයි
කියලා. ඇත්තනේ, මට දැනෙන විදියට
නෙමෙයි කාළය දැනෙන්නෙ උඹට. උඹට දැනෙන විදියට නෙමෙයි කාළය දැනෙන්නෙ එයාට. එයාට
දැනෙන විදියට නෙමෙයි කාළය දැනෙන්නෙ මට... ඉතින් කාළය මටයි, උඹටයි, එයාටයි සාපේක්‍ෂව සහමුලින්ම
වෙනස්.
කාළය තමයි කාළය. උඹයි එයයි දෙන්නම මට වඩා කාළයක් මේ ලෝකෙ හිටපු උන්. ඒත් මට
හිතෙන්නේ, මං උඹල දෙන්නටම වඩා නාකියි
කියලා. මං හිතන්නෙත් නාකි විදියටද මංදා. මට වෙලාවකට එහෙමත් හිතෙනවා.
උඹ දන්නෙ නැතුව ඇති. ඒ කාලෙ තමයි මාර කාළේ. එයත් එක්ක එතකොට ළඟින් හිටියෙ
මම, පොඩි කමට හොඳේ.. වැලි
සෙල්ලම් බත්, කෝම්පිට්ටු සෙල්ලම්
ගෙවල් අස්සෙ හැදුවෙ නැති වුණාට අපි සෙල්ලමුත් කළා. මල් කැඩුවෙ නැති වුණාට මලුත්
නෙලුවා. ඉඹ ගත්තෙ නැති වුණාට සුවඳත් වින්දා.
ඒ කාළෙ ඉඳන්ම එයා මාරයි බං. හරියට අයින්ස්ටයිං වගේ. නෑ නෑ හරියට පිකාශෝ
වගේ. ඒත් නෑ, හරිම විදියට නම්
පිකාශෝට පේන දේ වගේ. එතකොට නිකන් මගෙ හිත පිකාශෝ වගේ. ඇඳගෙන ඇඳගෙන යනවා. නිකං
පිස්සු වගේ. කිව්වට තරහ වෙන්න එපා මචං, මට එයා දැක්කම තාමත් ඒ වගේ. පිස්සුවෙන් හිත චිත්‍ර
අඳිනවා. ඒවා දැක්කොත් පිකාශෝ කැලේ.
ඒ වගෙන් දැං වැඩක් නෑ. කොහොම හරි ඒ කාළෙ තමයි කාළේ. අම්මා තාත්තා ටීචර් 'අ'යන්න 'ආ'යන්න කියල දුන්නට මොකද, මට 'ලියන්න' ඉගැන්නුවෙ එයා. මං බලාගෙන
හිටිය සෑහෙන කාළයක්, මට 'ලියන්න' ඉගැන්නුවා වගේම එයා 'කියන්නත්' උගන්නයි කියලා. ඒත් එයා අද
වෙනකන්ම මට 'කියන්න' ඉගැන්නුවෙ නෑ. ඒ ගැන මට තාම
හරියට කියා ගන්න බෑ බං.
එයා නම් ඕවා දන්නෙ නැතුවත් ඇති. දැන ගත්තත් උඹට කියන්නෙත් නැතිවෙයි.
කොහොමත් එයාටයි උඹටයි මොකටද මං ගැන කතා.. උඹලට ඇතිනේ අහසක් තරම් පායන තරු ගැන කතා
කරන්න.
ඒ ඒ කාළෙ, දැං මේ කාළෙ. මං වයසට
ගියාට මොකද මේ කාළෙයි ඒ කාළෙයි අතර මගෙ වැඩි වෙනසක් නෑ. මම හෙමින් හෙමින් වැඩ
කරද්දි කාළය හයියෙන් ගියා. එතකොට එයා ඒ කාළෙටත් වඩා හයියෙන් ගියා. හෙමින් හෙමින්
වැඩ කරපු මම හිතුවෙත් හරි හෙමින් බං. ගත වෙච්ච කාළය පුරාවට මං බලා ගෙන හිටියා, එයා කාළයත් පහු කරගෙනම වගේ
ඈතින් ඈතට ඇදීලා යන දිහා. ඒත් මචං උඹට කියන්න, එයා කොච්චර ඈතින් ඈතට ගියත් මට තාම එයා පේන දුර. උඹ ඒ
ගැන ඒ තරම් දුරට හිතන්න එපා. මොකද මං ඇස් පියා ගත්තත් මට එයාව පේනවා. මොනව වුණත්
හෙමින් හෙමින් හරි අමාරුවෙන් වගේ වැටි වැටී මාත් ආව එයා පස්සෙන්. මං අද වෙද්දි
තේරුම් ගත්ත ලොකූ දෙයක් තමයි මචං, එයා ගිය පාරට short cut නෑ කියන එක.
මං මෙච්චර දේ උඹට කිවුවට මොකද උඹ මාව දන්නෙත් නෑ. අවුලක් නෑ, මාත් උඹව දන්නෙ නෑනෙ. කමක්
නෑ මචං, කවද හරි අපිත් හම්බෙමු. ඒ
කාළෙ වෙද්දි සමහර විට එයා සදහටමත් උඹට හම්බෙලා තියෙයි. කමක් නෑ බං. එයාට නැති මම, මට නැති උඹටනේ. උඹට සුන්දරම
කාළයක් උදා වෙයි මචං. මොකද ආයෙත් මං කියන්නෙ එයා නම් මාරයි. ඉතිං, පියාඹන්න බැරිකොට මොකටද අහසට
තවත්
කැටයම් දාන්නේ.. උඹම ඒක අත්විඳපං. මං හිත හදා ගන්නම්. ආයෙත් කියන්නෙ අන්තිම
වතාවට, එයා නම් මාරයි බං. උඹේ හොඳම
කාළේ, ඉස්සරහට...
Tuesday, November 15, 2016
සඳ එළිය
දරා ගත නොහැකි
බරින් සඳ එළිය වළාකුල් ලය විනිවිද නිසල් විල් දිය මත අහස ඇන්දාය. කලුවරට පෙම්
බැඳි රාත්‍රිය, සිය දැහැනින්
මුදවා ලවා බිය මුසු සැකයකින් පුරවාලන්න ඒම ප්‍රමාණවත් විය. සුවඳකින් තොරව ඉඳ හිටක
හමනා නල රල සුසුමකට සැබැවින්ම පාරිසිදු වූවත් ගෙන ආවේ සීතලක්
මිස සිසිලසක්
නම් නොවේ.
“මං ආසයි ඔයාට
ළං වෙන්න...”
“මාත් ආසයි..”
“ඇත්තටමද..?
“
කල්පනා බරිත
ඇගේ දිගු සුසුමක අවසාන නිමේශයේදී ද්වනිත වූ "හ්ම්ම්.." හඬ, ඔහුගේ සිතිවිලි විල කළඹවාලන්න
සමත් වූ
සෙයකි. හැඟුම් මෝදු ලනා ඔහුගේ නෙතු බැල්ම එබව මැනැවින් පසක් කරනු ඇත.
“ඒත් ඇයි.,
ඇයි මං ඔයාට ළං වෙද්දි ඔයා ඈත් වෙන්නේ..? “
ඇයි මං ඔයාට ළං වෙද්දි ඔයා ඈත් වෙන්නේ..? “
“මං ආසයි ඔයා
ළඟ ඉන්න..” ඇගේ
පිළිවදනින් අනතුරු පැමිණියේ නිහඬ විරාමයකි. නමුත් ඒ ඉතා කෙටි වූවකි. විරාමයට විරාමයක් එක් කරමින් ඈ,
“ඒත් ඇලෙන්න නම් නෙමෙයි..” යැයි පැවසුවාය.
“ඒත් ඇලෙන්න නම් නෙමෙයි..” යැයි පැවසුවාය.
“ඇයි ඔයාට මාව
අප්‍රියයිද...”
“නැහැ..”
“එහෙම නම්
එහෙම නම් ඇයි.,
මං ඇලෙනවට ඔයා බයද..? “
එහෙම නම් ඇයි.,
මං ඇලෙනවට ඔයා බයද..? “
ඇවෙත
ඔහු හෙලූ එම පැනයේ
අවසාන භාගය ජනිත වූයේ බෙහෙවින්ම අවිනිස්චිත ස්වරයකිනි. ඒ ලැබෙන්නා වූ පිළිතුරකට
බියෙන් නැගූවක් සේ විය. කොටින්ම අවසන් භාගයේදී එය නෑසුවා නම් හොඳය යන හැඟීමක් ඔහු
කෙරේ බලපැවැත්වූවාක් මෙනි.
“ඔවු..”
“ඒ කියන්නේ
ඔයාට මාව විශ්වාස නෑ..”
“මට ඔයාව
විශ්වාසයි..”
“ඉතිං., එහෙම නම් ඇයි මේ..? “
“මට විශ්වාස නෑ…............................................................................................................................................
…………………………………………………………………………………………………………………………………………………………………..……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….
…………………………………………………………………………………………………………………………………………………………………..……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….
.....මාව”
විශ්වාසයද
අවිශ්වාසයද අවසරයද සුණු විසුණු කළ ඉකි බිඳුම් ස්වරයක්ව උපං එහි අවසාන වදනින් හෙතෙම
ඇගේ හිස සිය පයෝධර මතට ගත්තේ මිටින් හල සියතකුන් අහසෙහි පියාපත් පිසලන්නට දරන
නිසඟ තදියමකටත්, තැති ගැන්මකටත්
නොදෙවෙනිවය.
දිගු
නිහැඬියාව සිය සිතිවිලි ලෝකයන් වෙත ඔවුන් හැරලවන්නට මං කීය. එම සිතිවිලි දැහැන
බිඳ ගන්නට දෙදෙනාම අකමැති සෙයකි. එකෙකුගේ සිතිවිලි ලෝකය තුළ අනෙකාගේ සිතිවිලි ලෝකය
උපකුලකයක් යැයිද, කුලකයේ ඒ පමණක්ම ඇත්තේ
යැයිද සිතනා සෙයකි. නමුදු ඔවුන් වෙන වෙනම සිතුවෝය. එකම කරුණක් මත එකිනෙකාට
ස්වායක්තව සිතිවිලි උපැද්දුවෝය. නමුත් එකී ස්වායක්ත බව විශ්වාස නොකළ සෙයකිනි
ඔවුන් එකිනෙකාගේ ග්‍රහණය දැඩි කර ගත්තේ.
සඳ එළියට
විරාමයක් නැත. අලසව ඇදී යන වළා වියන මොහොතකට මග හැරි සඳ කැන් පොදක් ඇගේ කොපුල් මත
සිත්තම් විය. නමුදු ඒ මොහොතකට පමණි. නැමී ගත් හිසින් යුතුව ඔහු ඇගේ කොපුල් මත සිය
මුව ස්පර්සූයේ ඔහුට උණුහුම්
වන්නටද., ඇයව උණුහුම් කරන්නටද., යන්න අපැහැදිලි නමුත්
ඒ තුළින් ඔවුන් උණුසුම් වූවා විය යුතුය.
“අද හඳ එළිය
හරිම ලස්සනයි..”
“ඔයාට පේනවද හඳ
එළිය...
කෝ.. මට පේන්නේ නෑනේ..
කියන්නකෝ., හඳ එළිය මොන පාටද..? “ ඇගේ එම වදන ඔහු එසේය පැණයට නැගූවේ.
කෝ.. මට පේන්නේ නෑනේ..
කියන්නකෝ., හඳ එළිය මොන පාටද..? “ ඇගේ එම වදන ඔහු එසේය පැණයට නැගූවේ.
“දැං නම් මට හඳ
එළිය පේන්නේ ඔයාගේ පාටින්..
මොකද හඳ එළියෙන් මට පේන්නේ ඔයාවනේ..”
මොකද හඳ එළියෙන් මට පේන්නේ ඔයාවනේ..”
“මං ආසයි ඔයා
හිතන විදිහට..”
“ඔයා කොහොමද මං
හිතන විදිහ දන්නේ..? “
“ඔයා කියන්නේ
හිතන දේවල් නෙමේ ද..? “
“මං කියන දේවල්
ඔයා හිතනවා නේද...”
“ඔයාට තිබ්බේ
කවි ලියන්න..”
“කවි ලියන්න මං
බයයි..
මං ලියන කවි කවුරු කියවයිද කියලා මට බයයි..”
මං ලියන කවි කවුරු කියවයිද කියලා මට බයයි..”
“ඒ කවි මං
කියෙව්වොත්..? “
“ඒත් හරියන්නේ
නෑ..
කවි ලියනවා නම්., ඒ කියවන්න බැරි වෙන්න..”
කවි ලියනවා නම්., ඒ කියවන්න බැරි වෙන්න..”
ඔහුගේ
උණුහුම් ග්‍රහණයෙන්
මිදුණු ඈ වල් තණ වැවී ගිය පිනි
බරිත පොළොව මත දිගා
වෙමින් පැවසුවාය.
ඊට අනුරූපව ඇල වුණු ඔහු, වැලමිටට බර වූ මුහුණ ඇගේ මුවට ළං කර.,
“එහෙම කවි ලියන්න මටත් කියලා දෙනවාද..? “ යි ඇසුවේ ඇගේ සිහින් අඩවන් නයන මතම සිය දසුන් රඳවමිනි.
ඊට අනුරූපව ඇල වුණු ඔහු, වැලමිටට බර වූ මුහුණ ඇගේ මුවට ළං කර.,
“එහෙම කවි ලියන්න මටත් කියලා දෙනවාද..? “ යි ඇසුවේ ඇගේ සිහින් අඩවන් නයන මතම සිය දසුන් රඳවමිනි.
“හ්ම්ම්..
අපි කවි ලියමු., අහසේ..
ඔයා කවි ලියන්න වළාකුලු අස්සේ..
මං කවි ලියන්නම් හඳ එළියේ..”
අපි කවි ලියමු., අහසේ..
ඔයා කවි ලියන්න වළාකුලු අස්සේ..
මං කවි ලියන්නම් හඳ එළියේ..”
“ම්ම්.. ඇයි
අපි වෙන වෙන තැන් වල කවි
ලියන්නේ..”
“වළාකුලු අස්සේ
ඔයා ලියන කවි දවසක වැස්ස කියවයි.. එතකොට මටත්
පුලුවන් දැනගන්න ඒ වැස්සට තෙමිලා., මොනවද ඔයා
ලිවුවේ කියලා..”
“වැස්සට තෙමෙන
හැමෝම ඒ කවි කියවයිනේ..
මමත් ආස නෑ මගේ කවි වෙන අය කියවනවට..”
මමත් ආස නෑ මගේ කවි වෙන අය කියවනවට..”
“තෙමෙන හැමෝම ඒ
කවි කියවයි තමයි., ඒත් කවුද
දන්නේ ඒ කවි ලිවුවේ කවුද කියලා..
එතකොට මට පුලුවන් කවුරුවත්ම දන්නේ නැති රහසක් මං දන්න නිසා., හිනා වෙවී තෙමෙන්න.. තෙමි තෙමී හිනාවෙන්න...
මං කෑ ගහලා කියනවා., මේ කවි වල අයිති කාරයා දන්නේ මං විතරයි., මං විතරමයි කියලා...”
සියුම් සුරතල් හසක් මුසු මුවින් ඈ පැවසුවාය.
එතකොට මට පුලුවන් කවුරුවත්ම දන්නේ නැති රහසක් මං දන්න නිසා., හිනා වෙවී තෙමෙන්න.. තෙමි තෙමී හිනාවෙන්න...
මං කෑ ගහලා කියනවා., මේ කවි වල අයිති කාරයා දන්නේ මං විතරයි., මං විතරමයි කියලා...”
සියුම් සුරතල් හසක් මුසු මුවින් ඈ පැවසුවාය.
“ඔයා කෑ ගහලා
කියන්න., ඒ කවි කතා කරන්නෙත්
ඔයාටයි කියලා.. ඔයාටයි ඒ කවියා ලිවුවේ කියලා...
ඉතිං කියන්නකෝ., මං කොහොමද කියවන්නේ කියලා ඔයා ලියන කවි..? “
ඉතිං කියන්නකෝ., මං කොහොමද කියවන්නේ කියලා ඔයා ලියන කවි..? “
“මං කවි
ලියන්නේ හඳ එළියේ..”
“මට පේන්නේ
නෑනේ හඳ එළිය..
ඉතිං කොහොමද මං කියවන්නේ...”
“ඔයාට පේන්නේ නැති තාක්., හැම රෑම හඳ එළියේ මං කවි ලියාවි..ඉතිං කොහොමද මං කියවන්නේ...”
ඔයා ලියපු කවි බර වෙලා., කවි පාට වළාකුලු වලින් හඳ එළිය වහන් කරන් නැති හැම රෑම මං හඳ එළියේ කවි ලියාවි...”
Ourලස්සන
මිහිමඬල තවමත්
හඬන පින්නට නිහඬවම අවසර දෙමින් සිහිලැසි වෙයි. එසිහිලැසියෙන් මොලොක් වී ගිය තණ
පලසෙහි සිසිලස නොදැනෙන තරම්ම පාවහන් මා දෙපයේ වෙලී ඇත්තේ බව සෑම තනි පියවරක් පාසාම
මට දැනේ. මේ තරම් සිහියෙන් යුතුව මීට පෙරකදී ගමන් කළ බවට මතකයක් මට මා කෙරෙහි
නොමැත. ඒ සක්මන් භාවනාවක සම නොවන්නේ නම්, වේගය සහ
අතරින් පතර වූ මඩ ගොහොරු බාධක වලට එදිරිව ගමන් කළ බැවින් පමණි.
මසිරුරෙහි සෑම
සියලු ශෛලයක්ම පාහේ මාත් සමඟින් එකම ගමනක යෙදී තිබේ. සෑම සියලු ඒකභාවී
ශෛලයක් කෙරෙහීම මාගේ අවධානය යොමුව ඇතැයි මට සිතේ. සැබැවින්ම සුපැහැදිලි වූත් ප්‍රත්‍යක්‍ෂ
වූත් එකම අරමුණක් මා කෙරෙහි බලපැවැත්වූවේ නම් ඒ නැවතත් මගේ අඳුරු නිහඬ කුටිය වෙත
පිවිසීමම ය. මා තනිවිය යුතුය. නොවේ නම්, යළිත් තනිවිය
යුතුය. මුලු මහත් ලෝකයාටම වඩා වැඩි වූ වේගවත් බවක් මට මා තුළින් හැඟෙයි. වෙන
කිසිවෙකුටවත් නැති තරම් නිශ්චිත පැහැදිලි ඉලක්කයක් දැඩි අවැසිතාවයක් මා සතු
වන නිසා විය යුතුය මට එසේ හැඟෙන්නේ.
අවාසනාවකි. මා
සිතිවිලි අතරට මොහොතකට පෙර එන්නත් වූ වෛරසය ආසදනය වීම ඇරඹූ සෙයකි. ගෙලෙහි පසෙකින්
ඉපිද සීතල පින්නෙහි දියව යන දා බිඳකින් ආසාදනයේ බාහිර රෝග ලක්‍ෂණ පිළිබිඹු
වෙයි. හීං කිතියකිනි මට ඒ බව දැනී ගියේ.
දැං., ඈට මා නොපෙනෙන මානයේ විය යුතුය. මේ තාක්
දුර මා ගෙන ආවේ යටි සිතින් යැයි මට සිතේ. ඈගෙන් දුරකට මා ගෙන ඒමට පමණි ඊට අවැසිව
ඇත්තේ. මාගේ සියලූම ශක්තීන් ඒ සඳහා යෙද වූ තරම් දැං මා දුර්වලව ඇත. අසරණව ඇත.
නමුදු මා ඇදෙමි, ඉදිරියටම.
ඉදිරියෙහි මාගේ කුටිය ඇත්තේ.
කුටියට
පිවිසුණු වහාම කල යුතු කාර්‍යයකි. ඈ කෙරෙහි මට ඇත්තේ ද්වේශයක්දැයි වටහා ගැන්ම
අසීරු උවත්, ඇයට විරෝධය පෑමේ
අවැසිතාවයෙන් සිදු කළ යුත්තකී ඒ. ඉං ඈට කිසිදු අවැඩක් නොවනු ඇති මුදු ඒ තුළින් මට ඇයට
එදිරි වූවේ යැයි යන යම් නියාලු බවකින්
තරමක් හෝ සැනහිය හැකි වේ යැයි හැඟෙයි. ඈ කියූ දෙය මා නොකළ යුත්තේ එබැවිනි.
ඔවු, කැඩපත කුඩු කර දැමිය යුතුය. යන මගදී ගඩොල්
බෑයක් සොයා ගැන්ම අපහසු නොවනු ඇත. කුඩු කර දමමි ගිය සැණින් කැඩපත.
මාගේ අවලස්සන
බව මා පසක් කොට මීට බොහෝ කල් ය. බොහෝමයක් අයවලුන්ද එය හුවා දක්වා ඇති
නමුත්, මගේ රුව කෙරෙහි මා සතු අවභෝධය ඊට බෙහෙවින්
මහත් වූ බැවින් එය විඳ ගැන්ම මට ඒ තරම් අපහසු වූවක් නොවුණි. නමුදු අද..? අද ඊට ඉඳුරාම වෙනස් විය. ඒ, එබැවු හුවා දැක්වූවේ ඇය නිසාද..? නොඑසේ නම් එය සිදු කළ ආකාරයේ වන අසමාන බව
නිසා ද..? එසේත් නොවේ නම් ඒ
හේතූන් ද්විත්වමයත් තවත් සිත නැමැති ඉංද්‍රියෙහි ගෝචර නොවන්නා වූ හේතූන් බොහෝමයකුත්
නිසා
ද..?
එබව නිශ්චය කර
ගැන්මට තරම් සිතිවිලි
ඒකාග්‍ර කර ගත නොහැක. ලජ්ජාවකට වඩා කලකිරීමකි මට ඇත්තේ. ඈට මා තරම් නොවන
බව මා
හොඳින්ම දනිමි. දැන ද උන්නෙමි. එබැවින් මට ඈ මගේ කර ගැන්මේ වෑයමක්
ද නොවුණි.
එහි වන අතාත්විකත්වය ඇයටත්,
වෙන
කවරෙකුටවත් වැඩිව මට වැටහේ.
එනමුදු ඇය මට විශේෂිතය. සුවිශේෂිතය. එකදු තරුවක් හෝ වළාකුලක් නොමැති හිස් අහස්
කලුවරේ ඇඳි පිරිපුං සඳක් සේය මට ඈ දිස් වන්නේ. අවලස්සන මා අංධ නොවීමේ වරදට අද හසුව
ඇත. නමුත් මා උරණ නොවිය යුත්තේ ඈ අදහස් කළේ මුසාවක් නොවන බැවිනි.
තවත් පසෙකින්
මොන යම් ලෙසින් හෝ ඈ මා කෙරෙහි සිතිවිලි මෙහෙයවා ඇත්තේ බැවින් මට තුටු විය හැකිය.
එතකදු නොනැවතී
ඇය අද මා කෙරෙහි වදන් කිහිපයක්ද තෙපලුවාය.
"ආයෙත් මා දිහා බලන්න කලින්., කණ්නාඩිය දිහා බලලා එන්න..."
ඉතිං මා තුටු විය යුතු නොවේද.? සෑම කලු වළාවකම රිදී
රේඛාවක් ඇඳී ඇත්තාක් සේ සිහින් සිනා රැල්ලක් මාගේ අජූව මුහුණේද රැඳී ඇතුවාට සැක
නැත. ඔවු., කියූවේ කුමක්
වුවත් ඇය අද මට කතා කළා ය.
ඇය ඒ පැවසූයේ
රිද්මයානුකූලවය. ඇගේ ගමන, අංග චලනය,
බැල්ම, ශෝකී බැල්ම, ස්මිතිය, හඬ ඇතුලු උරණ බවහිත්
සියුම්
කලාත්මක බවක් ගැබ් වී
ඇතැයි මට සිතේ. අද මා ලය ඉතා
තියුණු හී තුඩ සරක් ලෙසින්
පසාරු කර දැම්මට සමත්ව ඇත්තේත් ඒ ඇගේ නිසඟ කලාත්මක ප්‍රතිභාවම විය යුතුය.
ඈ දෙස නොබලනා
ලෙස ඈ කීවේ නැත. නොබැලීමට හේතුව කීවේද නැති ඈ ඒ බව මටම වටහා ගැන්මට අවැසි මග
කීය.
නොදැනුවත්වම
මා දැං මාගේ කුටියේ දොරකඩ අභිමුවට විත් එය විවර කරමින් සිටිමි. මා සුපුරුදු
ගුහාවටම පැමිණ ඇති බව මට දැං පසක් වෙයි. මගින් අහුලා ගෙන ආ යුතුව තිබූ ගඩොල් බෑය
මට අමතකව ගොස් ඇත. පසෙකින් එල්ලී ඇති කැඩපත මට පෙනේ. එනමුදු එය මා දෙස නොබලයි.
මා ඒ ඉදිරියට
යා යුතුද.? එක් වරක් වත් යා යුතුද
බිඳ දමන්නට පෙර..? කුණාටු සයුරක එකම
අරමුණ පෙරලී නොයාම වූ නෞකාවක් සේ මාද මාගේ සිතිවිලි මෙහෙයවන්නේ කඳුලකින් ගැබ්බර
නෙතඟ රුදාව දරා කඳුල රඳවා ගැන්ම පමණක්ම අරමුණු කර ගනිමිනි.
මා තීරණයක් ගත
යුතුව ඇත. එළියට ගොස් ගෙන ආවෙමි,
ගඩොල් බෑයක්.
සෑමදාම මට විරිත්තූ කැඩපත මම අද උඹව සුණු විසුණු කරමි. ඈ කියූ දේ නොකරමි මම, සුණු විසුණු කරමි නුඹව.
කැඩපත අභිමුවට
ඇදෙනු වස් මා දෑස් පියා ගත්තෙමි. දමා ගැසීමට පෙර එල්ලය නිශ්චය කර ගත යුත්තේ එක්
ඇසක් පමණක් ඉතා සියුම් ලෙස විවර කළෙමි. අහෝ..! මා දුටුවේ මායාවක්ද..? කැඩපත මා මුලා කළා වත් ද..? විවර කළෙමි මාගේ දෑස් කැඩපතට එදිරිව. නවතා
ගැන්මට නොහැකි සිනහවකි දැං මට ඇත්තේ.. සැබැවින්ම නවතාලිය නොහැක සිනහව මට නම්.
අහෝ.. මා කැඩපතෙහි දුටු දෙය..
ආයාස ගත යුතු
නැත නවත්වා ගන්නට සිනහව. මා සිනාසෙමි. යළි යළිත් නොනැවතී සිනාසෙමි. විරුපී ප්‍රතුබිඹුවක්ව
කැඩපත තුළින් මා දෙස බැලූ සුරූපී ඇගේ, හදවත දැක වික්‍ෂිප්තව
නවතාලිය නොහී සිනහවෙන් පීඩිතව කඳුලු වගුරමින් මා සිනාසෙමි. අතරතුර අත් හලෙමි ගඩොල්
බෑය. මා දුටු ඇගේ නොදුටු හදවත පෙන් වූ කැඩපත කුමට කුඩු කරම්ද..? අසීමිත සිනහව සුසුම් සිර කරනා බවක් මට අඟවයි.
සිනාව නවතාගනු වස් මා ඉං හැරෙන්නෙමි. සැබැවින්ම මා ඇහැරෙන්නෙමි.
Subscribe to:
Posts (Atom)